අජිත් හා ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වය ඉවතට
#
FYI
Jan 30 2020

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අයගේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉවත් කර තිබේ.

පක්ෂයේ සාමූහික විනය කඩකිරිමේ චෝදනාව මත මෙම තීරණය ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නව කෘත්යාංධිකාරි මණ්ඩලය ඊයේ(29) දිනයේ පත් කෙරුණු අතර අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාගේ සහ සරත් ෆොන්සේකාගේ නම ඊට ඇතුළත් කර නොමැති බව සඳහන් වෙයි. 

ඒ අනුව ඔවුන් දෙදෙනාට අද(30) පස්වරුවේ පැවැත්වෙන එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමට සහභාගී විය නොහැකි බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්යානධිකාරි මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 03.00ට රැස්විමට නියමිතව තිබේ.

එහිදී පක්ෂයේ නායකත්වය ඇතුළු පක්ෂයේ පවතින ගැටළු සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණිමට නියමිත බව සඳහන්.

Source: Ada Derana



ජනාධිපතිවරණය ළඟදීම පැමිණේ

ජනාධිපතිවරණය යනු දැනට ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ ආධිපත්‍යය දරන මාතෘකාවකි. නමුත් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ කවදාද? 1981 අංක 15 ජනාධිපතිවරණ පනතට අනුව රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට පැවරී ඇත.

මෙය සිදු...