එකතු කරන්න
Featured
ශ්‍රී.ල.නි.ප. ය මැතිවරණ ව්‍යාපාරය ජයග්‍රහණය කරන හැටි හිටපු ජනපති කියයි
#
FYI
19th of May 2020


ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දි  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  සිය මැතිවරණ ව්‍යාපාරය ශ්‍රී ලංකා පොදුජන සන්ධානය සමඟ එක්ව සිදු කරන බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ පස්වරුවේ කොළඹ පිහිටි සිය පක්ෂ මුලස්ථානයේ දි රැස් වුණි.

මධ්‍යම කාරක සභා රැස්විම පැය දෙකකට ආසන්න කාලයක් පැවැති බව වාර්තා වෙයි.

 





Do you like this news?