එකතු කරන්න
Featured
ආර්ථිකය කළමනාකරණය කළ නොහැකි රජයක නොහැකියාවට රාජ්‍ය සේවකයින් වගකිව යුතු නෑ-මංගල
#
FYI
11th of May 2020


රටේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කළ නොහැකි රජයක නොහැකියාවට රාජ්‍ය සේවකයින් වගකිව යුතු නැති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමවීර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ රටේ පවතින වතාවරණය තුළ ආර්ථිකය සවිමත් කිරීම සඳහා හැකිනම් රාජ්‍ය සේවකයින්ට තම මාසික වැටුප හෝ කොටසක් වැන්දඹු හා අනත්දරු අරමුදලට යොදවන ලෙස ජනාධිපති ලේකම්වරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරන්නේ වත්මන් රජය කොරෝනා වසංගතය හමුවේ ආර්ථික අර්බුදයක් ඇති වුවා යැයි කියමින් සමස්ථ රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප රජයට පරිත්‍යාග කරන ලෙස ඉල්ලා ඇති බවයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම ඉල්ලීම පිළිබඳ මතුවෙමින් පවතින විරෝධතාව ඉදිරියේ එය ජනාධිපති ලේකම්ගේ ඉල්ලීමක් ලෙස හුවා දක්වා ඇඟ බේරාගැනීමට රජය දැන් උත්සහ දරන බවයි. 





Do you like this news?